IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කසළ ට්‍රැක්ටරයක රෝදයට හසු වී යතුරුපැදිකරු මරුට

 (කේ බුද්ධික කුමාරසිරි )
 
මාලබේ පිට්ටුගල ප්‍රදේශයේදී කඩුවෙල මහ නගර සභාවට අයත් කසල රැගෙන යන ට්‍රැක්ටර් රථයක පසුපස රෝදයකට යතුරුපැදිකරුවෙකු යටවීමෙන් අද (19) සවස සිදුවූ අනතුරින් යතුරුපැදිකරු වන යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකු එම ස්ථානයේදී මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
 
කඩුවෙල මහ නගර සභාවට අයත් කසල රැගෙන යන රථය මාලබේ දෙස සිට කඩුවෙල දෙසට ධාවනය වෙමින් තිබියදී එම දෙසටම ගමන් ගත් අනතුරට සම්බන්ධ යතුරුපැදිය ට්‍රැක්ටර් රථයට වම් පසින් ඉස්සර කිරීමට යාමේදී එම රථයෙහි ගැටී ඇද වැටීමත් සමග යතුරු පැදිකරු ට්‍රැක්ටර් රථයෙහි පසුපස රෝදයට යට වන ආකාරය අසළ වෙළඳසලක ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති බවද පොලිසිය පවසයි.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ කොස්ගම අකරවිට ප්‍රදේහයේ පදිංචිකරුවකු වන යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන 43 හැවිරිදි පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයාගේ දේහය මුල්ලේරියාව ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති ඇත.
 



අදහස් (0)

කසළ ට්‍රැක්ටරයක රෝදයට හසු වී යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 1 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 852 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site