IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයෙකුට පහරදීමක්

( තිලකරත්න දිසානායක)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් දුරදිග ගොස් ගම්පහ, කිඹුල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා අද (12)  පහරකෑමකට ලක්ව ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කීය.

පහරදීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

සහල් ඇතුළු ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබාගෙන ඇතත් එම කාර්ය නිසිපරිදි සිදු නොවන බවට බලපත්‍රලාභී වෙළඳ සලෙහි තැනැත්තියක්  කිඹුල්ගොඩ ග්‍රාම නිලධාරී කාර්යාලයට කැඳවා දැනුවත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කතාබහක් සිදුව මද වේලාවකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර වරයාට පහරදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 

පහර කෑමට ලක්වූ නිලධාරීවරයා මල්වතුහිරිපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර පහරදීම සිදුකළ බව කියන පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් සැකකරුවන් මෙම මස 20 වෙනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බව පොලිසිය පැවසීය. 

 



අදහස් (0)

කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයෙකුට පහරදීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site