IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කලවානේ වසා දැමුණු පාසල් 6ක් අරී


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

කලවාන ප්‍රදේශයෙන් කොරොනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් පසුගිය (10) වනදා ආරම්භ වීමට තිබු කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 09ක් තාවකාලිකව නැවත දැනුම් දෙන තුරු වසාදැමිමට පියවර ගෙන අතර එයින් පාසල් 6ක් අද (15) ආරම්භ කෙරුණු බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලය පැවසීය.

කලවාන ජාතික පාසල,කලවාන ප්‍රාථමික විද්‍යාලය ,කොස්වත්ත ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය,කොස්වත්ත ගාමිණී ප්‍රාථමික විද්‍යාලය ,කලවාන රාජකීය විද්‍යාලය ,මීපාගම ජයන්ති විද්‍යාලය අද (15) ආරම්භ කල බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලය පැවසීය . සෞඛ්‍ය උපදෙස් මත මෙම පාසල් ක්‍රියාත්මක වන අතර සිසුන් පාසල වෙත කොටස් වශයෙන් ගෙන්වීමට කටයුතු කර ඇති බවත් කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලය පැවසීය.

නාවලකන්ද විද්‍යාලය ,කොඩිප්පිලිකන්ද විද්‍යාලය හා පිටිගල කන්ද විද්‍යාලය තවම ආරම්භ කිරීමට උපදෙස් ලැබී නොමැති බවත් ඉදිරියේදී එම පාසල් සෞඛ්‍ය උපදෙස් මත ආරම්භ කිරීමට නියමිත බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසීය.



අදහස් (0)

කලවානේ වසා දැමුණු පාසල් 6ක් අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site