IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


කොල්ලකෑම් වලට සම්බන්ධ අයෙක් සුරියවැවදී අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)

නිවැසියන් බියගන්වා රන් ආභරණ ඇතුළු දේපළ රැසක් කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයෙකු සුරියවැව නගඩගස්වැව ප්‍රදේශයේදී අද (18) අත්අඩංගුවට ගත්බව  සුරියවැව පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නවනගරය , ඇඹිළිපිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.

සුරියවැව නමඩගස්වැව හන්දිය අසල බෑගයක් කරේ දමාගෙන සැකකටයුතු ලෙස මාර්ගය අසල රැදී සිටි පුද්ගලයෙකු මාර්ග පරීක්ෂාවේ යෙදුණු සුරියවැව  පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ගමන් බෑගයේ තිබී ජංගම දුරකතන 05 ක්  , මුදලින් රුපියල් එක්ලක්ෂ විසි දෙදහසක් , සිම් කාඩ් 18 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය වී ඇත්තේ සැකකරු පසුගිය දින කිහිපයේ තණමල්විල පොලිස් ප්‍රදේශයේ නිවාස කිහිපයක නිවැසියන් බියගන්වා දේපළ හා රන් ආභරණ කොල්ලකා ඇති බවයි.

කොල්ලකන ලද දේපළ අතර මුදල් , රන් ආභරණ , යතුරුපැදි , රූපවාහිණී යන්ත්‍ර ද වන බව පොලිසිය කීය.

සැකකරු බන්ධනාගාරයේ සිට පලාවිත් සැඟවී සිටින පුද්ගලයෙකු සමඟ මෙම මංකොල් කෑම්වල නිරත වී ඇති බව පොලිසිය කීය.

සැකකරු මංකොල්ල කන ලද රන් මාල දෙකක් සුරියවැව නගරයේ පිහිටි පෞද්ගලික රන් ආභරණ වෙළද සැලකට උගස් කර රුපියල් එක්ලක්ෂ දසදහසක් ලබාගෙන තිබේ.

 



අදහස් (0)

කොල්ලකෑම් වලට සම්බන්ධ අයෙක් සුරියවැවදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site