IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කුලියාපිටිය නගර සභාවේ අයවැය සම්මතයි

(දිනේෂ් උපේන්ද්‍ර)                                                  

කුලියාපිටිය නගර සභාවේ 2021 සඳහා වූ අයවැය සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අද(12) සම්මත විය.
 
නගර සභා අයවැය ඡන්ද විමසීම කුලියාපිටිය නගර සභා රැස්වීම් ශාලාවේ පැවති අතර එහිදී පක්‍ෂ ප්‍රතිපක්‍ෂ සියලුම මන්ත්‍රීවරු ඒ සඳහා සහභාගී වූහ.
 
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නරගසභා විපක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අය වැයට විපක්‍ෂව සිය ඡන්දය ප්‍රකාෂ කළ අතර විපක්‍ෂ නායක ගිහාන් ජීවන්ත, සෝභිත තේනුවර අනුරසිරි දිසානායක හා විද්‍යාසේකර භාණු යන මන්ත්‍රීවරු ඊට හේතු පහදා අදහස් දැක්වූහ.
 
පාලන පක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ උපසභාපති ෂෙල්ටන් වනසිංහ මහතා සිය පක්‍ෂයේම සභාපතිවරයා ගෙන ආ අයවැය යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්‍ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කුඩාබණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා එහිදී අයවැය යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
 
කෙසේවෙතත් මන්ත්‍රීවරුනගෙන් කළ ඡන්ද විමසීම අනුව පක්‍ෂව ඡන්ද 8කුත් විපක්‍ෂව ඡන්ද 8කුත් ලැබී තිබීම හේතුවෙන් සභාපතිවරයාගේ තීරක ඡන්දය අනුව අයවැය වැඩි ඡන්ද එකකින් ජයගෙන තිබිණ.



අදහස් (0)

කුලියාපිටිය නගර සභාවේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site