
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය අක්කරායන් පොලිස් බලප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 04 ක් සොයාගත් බවට අක්කරායන් පොලීසිය පවසයි.
කිලිනොච්චිය යුදහමුදාවේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අක්කරාන් රක්ෂිත ප්‍රදේශයේ සඟවා තිබූ අදාල මොටාර් උණ්ඩ 04 සොයාගනු ලැබීය.
යුදසමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජන සඳහා මෙම මොටාර් උණ්ඩ 04 සඟවා තබන්නට ඇති බවට සැකපල කරන අතර අදාල මෝටාර් උණ්ඩ අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන අක්කරායන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd