
( රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පණ්නංකණ්ඩි ප්‍රදේශයේ සහ කේදාරිමුනෙයි කලපු ප්‍රදේශයේදී මරණ දෙකක් වාර්ථා වී ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චිය පණ්නංකණ්ඩි ප්‍රදේශයේ පිහිටි ඉරණමඩු වැවේ ජලය ගලා යන ප්‍රධාන ඇලක තිබී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් තිබී සොයාගෙන ඇති අතර අදාල පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම මිය ගිය පුද්ගලයාද හඳුනාගැනීමට කිසිවෙක් ඉදිරිපත් වී නොමැති බවටද පරික්ෂණ සිදුකල කිලිනොච්චිය පොලීසිය පැවසීය.
මේ අතර කිලිනොච්චිය කේදාරිමුනෙයි කලපු ප්‍රදේශයේදී මිතුරන් සමග දිය නෑමට ගිය අයෙකුද දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවටද පොලීසිය පැවසීය.
යාපනය මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වයිකුන්දරාසා ප්‍රතාප් නැමත්තා මිතුරන් සමග කලපුවේ දිය නෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට මූලික පරික්ෂණ වලදී අනාවරනය වී ඇතැයි කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd