IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කිලෝ 25ක කහ තොගයක් කල්පිටිය වෙරළේ

 

(පද්මා කුමාරී කංකානම්ගේ)
 
කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයට අයත් ඕඩකරයේ අත් හැර දමන ලද කහ කිලෝ 25ක් සහිත ඇසුරුමක් කප්පල් අඩිය නාවික හමුදා මුරපොළින් අත්අඩංගුවට ගත් බව, කල්පිටිය නාවික හමුදාව පවසයි.
 
කප්පල් අඩිය ධීවරයින් විසින් මෙම කහ ඇසුරුම පිළිබදව නාවික හමුදාව දැනුවත් කරන ලදී.

මේ අතර මුදලප්පාලි මුහුදේ ගිල්ලා දමන ලද ධීවර යාත්‍රාවක්, කප්පල් අඩියේ ධීවර සමිතියේ හිටපු සභාපති සමන්ත  හෙන්රි මහතා විසින් කප්පල් අඩිය ධීවර තොටු පළට ඇදගෙන විත් තිබිණි.
 
ඔහු පැවසුවේ, "මම රස්සාවට ගිහින් කකුලුවන්ට දැල් එලලා තියෙද්දී බෝට්ටුවක් පෙරළිලා තියෙනවා දැක්කා.කාගේ වුනත් ධීවරයෙකුගේ බෝට්ටුවක් නේ කියලා කිලෝ මීටරයක්   විතර මුහුදේ ඇදගෙන ධීවර තොටුපළට අරගෙන ආවා.පසුව කප්පල් අඩිය නාවුක හමුදා මුරපළට භාර දුන්නා" ලෙසිනි.
 
මෙම ධීවර යාත්‍රාව මුහුදු මගින් ඉන්දියාවේ සිට රැගෙන ආ කහ ප්‍රවාහනය සදහා යොදා ගත් බවට සැක කෙන අතර,යාත්‍රාව නාවික  හමුදා අත්අඩංගුවට ගෙන ඇත.
 
එහි හිමිකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව නාවික හමුදාව කියයි.



අදහස් (0)

කිලෝ 25ක කහ තොගයක් කල්පිටිය වෙරළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site