(දයාරත්න ඇඹෝගම)
නෙරියකුලමේ සිට යතුරු පැදියකින් රුපියල් දෙලක්ෂ විසි දහසක් වටිනා කේරල ගංජා කිලෝ එකක් රැගෙන යමින් සිටි සිවිල් ආරක්ෂක භටයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සියඹලාගස්වැවදි අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙරියකුලම ප්‍රදේශයේ රාජකාරියේ නිරත 39 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි 58 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි.
පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමේදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් කේරල ගංජා ප්‍රවාහනය කරදෙන එක්වතාවකට සැකකාර සිවිල් ආරක්ෂක භටයාට රුපියල් දස දහසක් ලබාදෙන බවට පොලිසිය විසින් සිදුකළ මුලික විමර්ෂණයේදි අනාවරණයවු බවද පොලිසිය කියයි.
සැකකරුවන් මේ ආකාරයට දිර්ඝ කාලයක් තිස්සේ මැදවච්චිය ප්‍රදේශයට මෙලෙස කේරල ගංජා රැගෙනවිත් ඇති බවද පොලිසිය කීය. සැකකරුවන් අද (24)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කේරළ ගංජා සමඟ සිවිල් ආරක්ෂකයා මාට්ටු