
(ක.ග.කරුණාරත්න)
කිලිනොච්චියේ සිට දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයට මෝටර් රථයෙකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු දිඹුලාගල දළුකාන වැවට ආසන්නයේ පිහිටි නාමල්පොකුණ ප්‍රදේශයේදී අද(21)අලුයම අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.
ගංජා ජාවාරම සඳහා යොදාගත් බව කියන යතුරු පැදියක්ද පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.
සැකකාර හමුදා සෙබළුන් දෙදෙනා මිහින්තලේ මහකනදරාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරකට අනුයුක්තව රාජකාරී කරන අය බවත් පොලිස් අත් අඩංගුවට පත් අනෙක් සැකකරු යුද හමුදාවේ සේවයෙන් දැනට තාවකාලිකව ඉවත්වී සිටින හමුදා සෙබලෙකු බවත් හෙළිවී තිබේ.
මොව්හු හතරලියැද්ද, අඹකොටේ, සිරිපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද මෙම ගංජා ජාවාරම කාලයක පටන් සංවිධානාත්මකව සිදුකර ඇතැයිද අනාවරණයවූ බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
පොලීසියට ලැබුණු තොරතරක් මත මෙම වැටලීම සිදුකර තිබෙන අතර සැකකරුවන් සන්තකයේ සහ මෝටර් රථයේ සඟවා තිබී කේරළ ගංජා ග්‍රෑම් 500ක්ද අත් අඩංගුවට ගෙන ඇත.
කිළිනොච්චියේ සිට දිඹුලාගල දක්වා එන අතරතුර ස්ථාන කිහිපයෙකට ගංජා බෙදාහරිමින් පැමිණි බව සැකකරුවන් පොලීසියට පවසා තිබේ.
සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කලේය.
අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති,ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.පී.ඩබ්ලිව්.ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරික්‍ෂණ සිදු කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.