(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දෙවට හන්දියේදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාවේ නිලධාරින් විසින් අද (12) අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාරදි තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු දක්ෂිණ අධිවේගි මාර්ගයේ පැමිණ දෙවට වර්ණ සංඥා අසලදී බසයෙන් බැස යාමට උත්සාහ කළ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදි තිබේ.
සැකකරු හෙට ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd