රොමේෂ් මධුෂංඛ
තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ දී අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 14 ග්‍රෑම් 690 ක් සමඟ සැකකරුවවෙක් අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම් පොලිස් දූෂණ මර්දන ඒකකය පවසයි.
මන්නාරම ජ්‍යේෂඨ පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරකට අනුව තලෙයි මන්නාරම් පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
දුම්රිය මාර්ගයේ සිදු කරන ලද වැටලීමේ දී අදාළ සැකකරු කේරල ගංජා තොගය බෑගයක දමා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. අදාළ කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් අලෙවි කිරීමට සූදානම් කර තිබියදී මෙසේ අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලිස් දූෂණ මර්දන ඒකකය පවසයි.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට