(සිරංගිකා ලොකුකරවිට)
කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත්කර සිටියදී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත පීසීආර් ප්‍රතිපල අනුව තහවුරු වූයේ යැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, දංගෙදර පදිංචි වයස අවුරුදු 72ක් වූ පිරිමි පුද්ගලයෙකි.
නිවසේ සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට ගිය අවස්ථාවේ දී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්වන ලෙස ලැබුණු උපදෙස් අනුව ඔහු රෝහලට ඇතුළත්ව ඇත. ඉන් පසු එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ සිටිය දී ඔහු මියගොස් තිබේ.
මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදනය වී සිටි අයෙක් බවයි.
මෙම සිරුර භූමදානය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ ඕට්ටමාවඩි ප්‍රදේශයට ගෙනයෑමට නියමිත බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කරාපිටිය රෝහලේ දී මියගිය අයට කොරෝනා