
(අනීෂා මානගේ)
වලස්මුල්ල කිරම නවනැලිය ප්‍රදේශයේ කුරුඳු වගාකර තිබූ ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් අද (10) සොයාගත් බව වලස්මුල්ල පොලිසිය කියයි.
කුරුඳු වගා කර තිබූ පෞද්ගලික ඉඩමක් එළිපෙහෙළි කිරීමේදී මෙම අත්බෝම්බය අද දහවල් සොයාගෙන තිබිණි.
ඉඩමේ හිමිකරු විසින් මේ සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය දැනුවත් කර ඇති අතර මෙම අත්බොම්බය එම ස්ථානයට පැමිණියේ කෙසේදැයි මෙතෙක් සොයාගෙන නොමැත.
වලස්මුල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd