(කාංචන කුමාර ආරියදාස)
කොරෝනා වයිරසය පැතිර යෑමත් සමඟ රට පුරා බීජ හිඟයක් පවතින බවත් ගොවීන් වහාම දේශීය බීජ යළි භාවිතයට හුරු කිරීම රජයේ වගකීමක් බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ඒ සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උපරිම සහයෝගය රජයට ලබා දෙන බවත් ඒ මහතා කීය.
එහිදී අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා මෙසේද පැවසීය.
‘‘මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාවක් ආහාර අර්බුදයට මුහුණදීම සඳහා වගා කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.
වෙළඳ සැල්වල බීජ ලබා ගැනීම සඳහා ගොවීන් පෙළඹී සිටින බවත් එහෙත් දේශීය බීජ නොමැතිවීම හේතුවෙන් ඔවුන් අපහසුතාවයට පත්ව තිබෙනවා.
විදේශීය දෙමුහුන් බීජ මෙරටට ගෙන්වා වගා කිරීමේදී දෙවැනි පරම්පරාවක් නෑ මේ හේතුව නිසා දේශීය ගොවිතැනට හානි සිදුවෙලා.
මෙම දේශීය බීජ සඳහා ඇති ඉල්ලුම නිසා ජාවාරම්කරුවන් ඉතා සූක්ෂම ලෙස දෙමුහුන් බීජ ලබාගෙන දේශීය බීජ බවට කලවම් කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතිව අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා.ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලැබී ඇතැයි ද සැකයක් මතුව තිබෙනවා.
දේශීය බීජ ප්‍රවර්ධනය කිරීම රජයේ කඩිනම් අවදානය යොමුවිය යුතුය.මෙම දේශීය බීජ මෙරට තුළම වැඩිදියුණු කර වැඩි අස්වැන්නක් ලබාදීම සඳහා ලබාදීමට පුළුවන්.ඒ සඳහා විශේෂඥවරුන් ඕනෑ තරම් මෙරට සිටිනවා.
මෙම බීජ ජාවාරම පිළිබඳව සහ බීජ සොයා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය රජයට ලබා දීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සූදානමින් සිටිනවා.‘‘
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොරෝනා හේතුවෙන් රටපුරා බීජ හිඟයක්