IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා සංකුලතා ඇත්නම් කෙළින්ම රෝහලට එන්න එපා

(අජිත්ලාල් ශාන්තඋදය)

කොරෝනා තත්ත්වයන් යටතේ අධිඅවදානම් ප්‍රදේශවල අය,  නිරෝධායනයට ලක්වන පවුල්වල අය, මෙන්ම උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇති අය ප්‍රතිකාර සඳහා සෘජුවම රත්නපුර ශික්‍ෂණ මහ රෝහලට නොපැමිණ 071-9902261 දුරකතන අංකයට අමතා වෛද්‍ය උපදෙස් ලබාගෙන පැමිණෙන්නැයි රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පෙරවරු 08.00 සිට පස්වරු 04.00 තෙක් මෙම දුරකතන අංකය ක්‍රියාත්මක බව පැවසූ රෝහල් අධ්‍යක්‍ෂවරයා ඊට පිළිතුරු දෙන්නේ  යෙකුම බවද අවධාරණය කළේය.

රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ කොරෝනා ආසාදිත තවට සැකකරන තැනැත්තන් වෙනුවෙන් ඇඳන් 24කින් යුතු වෙනම වාට්ටුවක් ද ස්ථාපිත කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා පවසයි.

රත්නපුර මහ රෝහලේ බාහිර රෝගීන්ගේ අංශයට, සායනවලට  ආදියට පැමිණෙන කෝවිඞ් සංකූලතා ඇතැයි සැකකරන රෝගීන් මෙම විශේෂ වාට්ටුවට යොමුකර පීසීආර් පරීක්‍ෂණයක් පවත්වන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. එසේ සැකකරන පුද්ගලයින් හතරපස් දෙනෙක් දිනකට එම වාට්ටුවේ සිටින බවද ඔහු සඳහන් කළේය.

එසේ පීසීආර් පරීක්‍ෂණයකින් කෝවිඞ් 19 ආසාදිත බවට තහවුරු වුව හොත් වහාම එම තැනැත්තා කෝවිඞ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකරන බව ද කීවේය. රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඞ් ප්‍රතිකර මධ්‍යස්ථාන තුනක් මේ වනවිට පිහිටුවා ඇති අතර හයසියයකට වැඩි පිරිසකට ඒ මධ්‍යස්ථාන තුනේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකිය.

පවතින සෞඛ්‍ය තත්ත්වයන් හමුවේ වුවත් රත්නපුර මහ රෝහලේ බාහිර රෝගීන්ගේ අංශය, සෞඛ්‍ය සායන, රසායනාගාර, ශල්‍යාගාර ආදියේ ප්‍රතිකාර කටයුතු කිසිසේත් ම නවතා නැති බව කී රෝහල් අධ්‍යක්‍ෂවරයා, එහෙත් ඒවායින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පිරිසගේ යම් අඩුවක් පෙනෙන්නට ඇති බව ද කීවේය. එසේ ප්‍රතිකාර ගැනීමට එන කෙනා තනිව පැමිණිය හැකිනම් වඩාත් යෝග්‍ය බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

නේවාසික රෝගීන් බැලීමට එන අය එක්කෙනකුට පමණක් සීමා කර ඇතිබවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.

මේ වනවිට රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ ඇති පීසීආර් යන්ත්‍ර දෙකෙන් දිනකට පරීක්‍ෂණ 100 ක් පමණ සිදුකරන බව පැවසූ රෝහල් අධ්‍යක්‍ෂවරයා උපරිම ධාරිතාවෙන් එය කළ හොත් එකසිය හැත්තෑවක් පමණ කළ හැකි බවද කීවේය.



අදහස් (0)

කොරෝනා සංකුලතා ඇත්නම් කෙළින්ම රෝහලට එන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site