(පී.එම්. රාජපක්ෂ)
කොවිඩ් 19 කොරෝනා වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මුඛ ආවරණ 10,000ක් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් මහනුවර ගුරුදෙණිය විජය ජන සහන පදනම මගින් ක්‍රියාත්මක කරන බව එම පදනමේ සභාපති හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එව්.එම්. ගාමිණි විජය බණ්ඩාර මහතා පැවසීය.
මෙම වැඩසටහන යටතේ නිෂ්පාදනය කරනු ලබන මුඛ ආවරණ මහනුවර දිස්ත්‍රික්කයේ ඉමහා සංඝරත්නය, අනෙකුත් ආගම් නියෝජනය කරන පුජක වරුන් සදහා, රෝහල්, ආරක්ෂක අංශය, ප්‍රාදේශිය ලේකම්කාර්යාල ඇතුළු රජයේ ආයතනය හා ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු යොදා ඇත. අදියර කිහිපයක් යටතේ මුඛ ආණ බෙදා දීමට කටයුතු යොදා ඇති අතර, ගුරුදෙණිය ඩි.ජේ. ගාමන්‍ට්ස් ආයතනයේ ඩොනල්ඩ් දිසානායක මහතා විසින් මුඛ ආවරණ මැසිම සඳහා අනුග්‍රහය ලබා දී ඇත.
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගාමිණි දිසානයක මහතාගේ උපදෙස් අනුව සකස් කර ඇති මෙම මුඛ ආවරණ බෙදා දීමේ වැඩසටහන සඳහා පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් මදුපානි පියසේන මහත්මිය, ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩි. විජේකෝන්, තලාතුඔය පොලිස්ථානාධිපති එන්.ඩි. අනුර ක්‍රිශාන්ත යන මහත්වරුන් විසින් සහයෝගය ලබා දී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොරෝනා වලින් රැකෙන්න මුඛ ආවරණ පරිත්‍යාගයක්