(ඩී.කේ.රත්න)
කොරෝනා රෝගය වැළදුණු බවට සැකකරන ඉරාන ජාතිකයෙකු බදුල්ල මහ රෝහලේ විශේෂ වාට්ටුවට අද (06) සවස ඇතුළත් කර ඇතැයි බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
ඉරානයේ පදිංචිව සිට උමාඔය ව්‍යාපෘතියේ වැඩ කිරීම සඳහා දිවයිනට පැමිණ ඇල්ල කරදගොල්ල වැඩබිමෙහි සේවයේ නියුතුව සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම පුද්ගලයා පෙබරවාරි මස 15 වැනි දින ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
COMMENTS
ඇමෙරිකාවේ CDC ආයතනයේ පවසන අන්දමට කොරෝන වෛරසය වැඩිය වැළදෙන්නේ වයස අවුරදු 50 ට වැඩි යම්කිසි ඇබයක් නිසා දුර්වල ප්‍රතිශක්තියක් ඇති අයට කියලයි. CDC කියන්නේ මෙරට සියලුම බෝවෙන රෝග ගැන ක්‍රියාකරන ආයතනයයි. දැනට දුන් උපදෙස් අනුව හැකි සෑම අවස්ථාවක තමන්ගේ දෑත් පිරිසිදුව තබාගන්න අතර මුහුණ ඇල්ලීම ඇස් කැසීම නොකර අතට අත නොදෙන ලෙසත් කියනවා.