
(එස්. ඩි .කොඩිකාර)
කන්නෙලිය රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී වෙනිවැල්ගැට කපා ඒවා පොහොර උරවල බහා කර මතින් ගෙනයමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෙනිවැල්ගැට කිලෝ 150 ට අධික ප්‍රමාණයක් සමග අද (04) අත්අඩංගුවට ගත් බව තවලම අඩවිවන කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වීරපාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22- 30 අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් බව අඩවිවන කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.
මොවුන් කාලාන්තරයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
කොරෝනා වසංගතයක් සමඟ වෙනිවැල්ගැට වලට පවතින අධික ඉල්ලුම හේතුවෙන් මේවා ඉහළ මිළ ගණන් වලට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව අඩවි වන කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනිවැල්ගැට සමඟ උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තවලම අඩවිවන කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කන්නෙලිය රක්ෂිතයෙන් වෙනිවැල්ගැට කැපූ දෙදෙනකු දැලේ