IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාන්තාව අනතුරට ලක් කළ පළා ගිය පුද්ගලයෙක් දින 11 ට පසු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බණ්ඩාරගම කොතලාවල පදික මාරුව මතින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළගෙන් කාන්තාව මෝටර් රථයේ හප්පා බරපතල තුවාල සිදුකර රෝහලට රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් බස් රථයකින් වැටුණු බව පවසා බණ්ඩාරගම නගරයේ ත්‍රී රෝද රථ රියැදුරෙකුට බාර දී පලාගිය පුද්ගලයකු දින 11කට පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
 
අනතුරින් තුවාල ලැබුයේ කොතලාවල පදිංචි 65 හැවිරිදි කාන්තාවකි. එම අනතුරින් පසු එම කාන්තාව දින තුනක කාලයක් සිහිසුන්ව සිට ඇති බව පොලිසිය පවසයි.
 
ඉකුත් 9 වැනි දින බරපතල තුවාල ලද කාන්තාව සැමියා සමඟ බණ්ඩාරගම ගැලණිගම ප්‍රදේශයට අත්‍යවශ්‍ය කරුණක් සඳහා ගොස් නැවත පැමිණ නිවසට යාම සඳහා කොතලාවල හන්දියේ පදිකමාරුව මතින් ගමන්කරමින් සිටියදී හොරණ දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ ගැටී බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
 
එම අවස්ථාවේදී සැකකාර රියැදුරු තුවාල ලද කාන්තාව හා ඇයගේ සැමියා රෝහලට රැගෙන යන මුවාවෙන් එම ස්ථානයෙන් රැගෙන ගොස් ළගම පිහිටි බණ්ඩාරගම රෝහලට රැගෙන නොගොස් බණ්ඩාරගම කලුතර මාර්ගයේ ත්‍රී රෝද රථ ගාල වෙත පැමිණ තිබූ බව පොලිසිය පවසයි.
 
එහිදී ත්‍රීරෝද රථ රියැදුරා අමතා ඇති සැකකරු මෙම කාන්තාව බස් රථයකින් බසිද්දී වැටුණු බවත් තමන් හදිසි අවශ්‍යතාවයකට පිටත්ව යාමට ඇති හෙයින් මෙම කාන්තාව රෝහලට රැගෙන යන ලෙස පවසා ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

කාන්තාව අනතුරට ලක් කළ පළා ගිය පුද්ගලයෙක් දින 11 ට පසු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site