(වියලුව නිශාන්ත කුමාර)
වියලුව කිතුලාන කඳුවැටියේ තල්දෙන මීගස්පිටිය ගම්මානයට ඉහළින් පිහිටි රක්ෂිතයට අද (14) පස්වරු 6.00 ට පමණ කිසියම් පිරිසක් ගිනි තබා ඇති අතර මේ වන විටත් ගින්න පැතිර යන බව රක්ෂිතය පාමුල ගම්වැසියෝ පවසති.
කදුවැටියේ මීටර් 50ක් පමණ පළලට පැතිර යමින් පවත්නා ගින්න බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයට හොඳින් දර්ශනය වන බවද ජනතාව පවසති.
ගින්න පැතිර යන රක්ෂිතයට ලඟාවීමට ඇති අපහසුතාවත් ප්‍රදේශයේ පිහිටි අධික කැලෑබද ප්‍රදේශය හේතුවෙන් ගින්න නිවා දැමීම දුෂ්කර කටයුත්තක් බව ප්‍රදේශවාසීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd