IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොතල හිඹටු තොගයක් අත්අඩංගුවට


(ජේ.කේ.එල්. චාමින්ද සහ පියරත්න ජයවික්‍රම)

සංරක්ෂිත ශාකයක් වන කොතල හිඹටු කිලෝ 3000කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අද (13) නෙළුව ඇඹුලගෙදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරුගේ නිවස තුළ තිබී මෙම කොතල හිඹටු තොගය සොයාගෙන ඇත.

මෙකී කොතල හිඹටු සිංහරාජ රක්ෂිතයෙන් කපා එක්රැස්කරගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. පොලිසියට ලද තොරතුරකට අනුව මෙකි නිවස පරිත්ෂා කිරිමේදී එහි කොතල හිඹටු ගෝනි 150ක් තිබු බවද පොලිසිය පවසයි.

සංරක්ෂිත ශාකයක් වන කොතල හිඹටු ප්‍රවාහනය කිරිම සන්තකයේ තබා ගැනිම වරදක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදිවියේ පසුවන විවාහකයකු බවද පොලිසිය පවසයි.

මෙකී කොතල හිඹටු සිංහරාජ වනාන්තරයෙන් කපා සැකකරුට කිසියම් පිරිසක් විසින් ගෙනවිත් දෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි. සැකකරු මේවා මිලදිගෙන එක්රැස් කරතබාගෙන කොතල හිඹටු ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. 

අත්අඩංගුවට ගත් කොතල හිඹුට තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු බව පොලිසිය පවසයි.



අදහස් (0)

කොතල හිඹටු තොගයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site