(සිසිර ලලිත් කුමාර )
කොත්මලේ දොඹගස්තලාව ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් ගිලාබැසීමක් හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු ආරක්ෂිත ස්ථනයක නැවැත්වීමට කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබේ .
කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දොඹගස්තලාව ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ඩි.ඩි.ඒ රන්ජිත් බණ්ඩාරනායක මහතා පදිංචි ඉඩමේ මෙලෙස අඩි 50 පමණ ගැඹුරු වලක් මෙලෙස මතුව තිබේ.
මීට දින කිහිපයකට පෙරදී රංජිත් බණ්ඩාර මහතා සිය නිවසේ ඉදිකිරීමක් කරන අතරතුර ඔහුගේ පාදය එක් වරම අඩියක පමණ ගැඹුරට ගිලා බැස ඇත ගඅනතුරුව ඔහු විසින් එම පොළොව හැරීමට යාමේදී අඩි එක හමාරක පමණ පළලට වූ ගැඹුරු කුහරයක් මතුව තිබේ.
එම කුහරය බැලීමේ එය අඩි හතලිස් අටක පමණ ගැඹුරකට ඇතිබව ඔවුනට දැනගැනිමට හැකිවී ඇත.
අනතුරුව ග්‍රාම නිලධාරිවරයා හරහා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් සුරංගී පෙරේරා මහත්මිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ එම භූමිය පරීක්ෂා කිරීමට කටයුතු කරන ලදි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ භූ විද්යාඥ බුද්ධික විජේකෝන් මහතා මෙම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ මෙවන් දෙයකි .
මේ භූමියේ තියෙන්නේ තුනී පාංශු ස්ථරයක්.ඒ තුනී පාංශු ස්ථරයේ ගණකම මීටරයක් දෙකක් විතර.
මව් පාෂාණයක් ගත්තම එහි එක් ප්‍රධාන භූ රූපණයක් විදිහට කුස්තූර පද්ධතිය අපට හඳුනාගන්න පුළුවන් ගඉතින් මෙහි තියෙන කුස්තූර පද්ධතිය අඩිතුනක් හතරක් විදිහට ඈත්වෙලා තියෙනවාගමේ ඈත්වීම මෙතෙන්ට පමණක් සීමා වෙලා නැහැ .
ගදිගටම තියෙනවා. මෙහි ගැඹුර සාමාන්යයෙන් අඩි 150 ක් 200ක් විතර තියෙනවා . මේ කුස්තූරයේ තියෙන ගැඹුරත් එක්ක නිවැසියන් මෙහි වාසය කිරීම තාවකාලිකව නවත්වන්න ඕන කියලා තමයි කියන්න තියෙන්නේ.
මේ පිළිබඳව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් සුරංගී පෙරේරා මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ හා ආපදා කළමණාකරන ආයතනයේ නිර්දේශ මත ඉදිරි පියවර ගන්නා බවයි.

2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොත්මලේ ගිලා බැසීමක් නිසා පවුල් 6ක් ඉවතට