IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කතක් රැගෙන ව්‍යාඝ්‍රයා පලා යයි

 

ඉන්දියාවේ බෙන්ගංල් ප්‍රාන්තයේ සුන්දර්බාද්හි ෂැලෝ ගඟේ කකුළුවන් අල්ලමින් සිටි කාන්තාවක් බෙංගාල ව්‍යාඝ්‍රයකු විසින් ඇදගෙන ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

2014 වර්ෂයේ දී සුන්දර්බාද්හි ව්‍යාඝ්‍රයන් විසින් මිනිසකු ඇදගෙන ගිය හයවැනි අවස්ථාව මෙයයි. සැය සැමියා හා තවත් බෝට්ටුකරුවකු සමග ඇය කකුළුවන් අල්ලමින් සිටිය දී හදිසියේම කඩා පැන්න ව්‍යාඝ්‍රයා ඇය ඩැහැගෙන ඇත.

තම බිරිඳ ව්‍යාඝ්‍රයා විසින් කැලයට ඇදගෙන යනු මහත් භීතියෙන් යුතුව බලාගෙන සිටීමට සිදුවූ බව ඇගේ සැමියා කියයි. ව්‍යාඝ්‍රයා මේ කාන්තාව ඇදගෙන ගිය කැලය හඳුන්වන්නේ පර්ක්හාලි නමිනි. එය කඩොලාන සහිත වනාන්තරයකි.

අනතුර සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් ඇය ගැන සොයා බැලුව ද මෙතෙක් කිසිදු සළකුණක් හමුවී නැතැයි ඉන්දියාවේ පොලීසිය පවසයි.

ජුනි මාසයේ දී ද සිය දරුවන් සමග සුන්දර්බාද් වනෝද්‍යානයේ කකුළුවන් ඇල්ලීමට ගිය පුද්ගලයකු ව්‍යාඝ්‍රයකු විසින් කැලයට ඇදගෙන ගොස් ඇත්තේ ඔහුගේ දරුවන් බියපත්ව කෑ ගසද්දීය.

දැනට ලෝකයේ සිටින ව්‍යාඝ්‍රයන්, කොටි සහ දිවියන්ගේ ඝහනයෙන් අඩක් පමණ ඉන්දියාවේ වාසය කරති. බළල් පවුලේ විශාලතම සාමාජිකයන් වන මොවුන්ගේ සම, දත් සහ නිය වෙනුවෙන් මිනිසුන් උගුල් අටවා මොවුන් මරා දමන බැවින් සීඝ්‍රයෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති සත්ත්ව කොට්ඨාශයක් ලෙස ද ඔවුන් හඳුන්වයි.

 

 



අදහස් (0)

කතක් රැගෙන ව්‍යාඝ්‍රයා පලා යයි

හේමන්ත Monday, 15 September 2014 06:27 AM

මේක තමයි කැලේ නීතිය. වනන්තරේ අයිති වන සතුන්ට. මිනිසුන් මිනිස්වාසේ නොසිට වනය ආක්‍රමණය කරනකොට මෙවැනි දේ සිදුවීම වලකන්න බැහැ.(අ)

:       0       0

දිශාන් Saturday, 30 August 2014 06:10 AM

කකුළුවෝ අල්ලන්නේ නැතුව හිටියාම හරි. සුන්දර් බාන් කියන්නේ ව්‍යාගරයෝ ඉන්න පලාතනේ. (අ)

:       0       0

හේමන්ත Wednesday, 04 February 2015 07:42 PM

මෙම සිදුවීම දැනට වසර තුනකට පමණ පෙර සිදු උනා නේද ? (නදී)

:       0       0

තිලින Friday, 15 August 2014 06:59 AM

වෙච්චි දෙයක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30669 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12669 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10918 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 805 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 892 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site