(ඩී.ජී.සුගතපාල, සහ ඩී.ජේ.විජේසිංහ)
ජාවාරම් කිරීම සඳහා කොණ්ඩය තුළ සුක්ෂම ලෙස හෙරොයින් සඟවාගෙන සිටි කාන්තාවක් ඇල්පිටිය නොවිසඳුන අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් අඩංගුවට ගෙන තිබේ.
මිටියාගොඩ පඹකොස්ස ප්‍රදේශයේදි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව කලුපෙ නෙල්සන් පුර පදිංචි කොරොට්ටගොඩ ගමගේ අමරා මල්කාන්ති නමැති 41ක් හැවිරිදි කාන්තාවකි.
පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව ඇය අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි කොණ්ඩය තුල සුක්ෂම ලෙස සඟවා ගෙන සිටි හෙරොයින් මිලි ග්‍රෑම් 2850ක් සොයාගෙන ඇත.
සැකකාරිය අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd