(බන්දු තඹවිට)
මෙරටින් කටුස්සන් සහ හිකනලුන් එකතුකර විදේශ රටවලට යැවීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කළුතර දිසා දූෂණ මර්ධන ඒකකය සහ කළුතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද (16 ) කළුතර වෙට්ටුමකඩදී අත් අඩංගුවට ගෙන ඇත.
කළුතර වෙට්ටුමකඩ කලීල් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී සැකකරුගේ නිවසේ සිටි කටුස්සන් 64 ක් සහ හිකනලුන් 109 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදේශයේ ළමුන් යොදවා කටුස්සන් සහ හිකනලුන් අල්ලාගෙන එක් සතෙකුට රුපියල් 500 ක මුදලක් ගෙවා එම සතුන් පුත්තලම මදුරන්කුලම ප්‍රදේශයේ සුරතල් මසුන් රට යැවීමේ නිරත අයෙකුට එක් සතෙකු රුපියල් 2500 ක මිලකට අලෙවි කිරීම මෙම සැකකරු කාලයක සිට සිදුකර ඇති බව විමර්ශන වලදී හෙළී වූ බව පොලිසිය කීය.

COMMENTS
අර දියවන්නාව පැත්තේ ඉන්න 225 අරන් ගියාට රටේ කවුරුත් මුකුත් කියන එකක් නැහැ.