IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කෝටියකට අධික කහ කිලෝ 2404 ක් කල්ලාරු මුහුදේදී අල්ලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
නාවික හමුදාව කල්ලාරු තුඩුවට ඉදිරියෙන් පිහිටි මුහුදු සීමාවේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු හා ධීවර යාත්‍රාවක් සමග කහ කිලෝ 2404 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
 
නාවික හමුදාව පවසන්නේ කල්ලාරු සිට මුහුදු සැතපුම් 27 ක් නුදුරින් පිහිටි මුහුදු සීමාවේදි මෙම කහ තොගය ධීවර යාත්‍රාවකින් ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබියදි මෙසේ අත් අඩංගුවට ගත් බවය.
 
අදාල කහ තොගය උර 64 ක අසුරා තිබු බවත් එහි කහ කිලෝ 2404 යි ග්‍රෑම් 300 ක් තිබු බව නාවික හමුදාව පවසයි. ඉන්දියානු ජාතිකයෝ වයස අවුරුදු 37,40,49, වයස් වල පසුවෙති.
 
කෝවිඩ් 19 නිරෝධායන අණපනත් උල්ලංඝණය කරමින් මෙරටට රැගෙන එමින් තිබු අදාල කහ තොගය හා ඉන්දියන් ජාතිකයින් හා යාත්‍රාව කොවිඩ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් අදාල නීතිමය කටයුතු සදහා අදාල සැකකරුවන් හා අනිකුත් දෑ නාවික හමුදා භාරයට ගෙන ඇති බව කියයි. 



අදහස් (0)

කෝටියකට අධික කහ කිලෝ 2404 ක් කල්ලාරු මුහුදේදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site