( වී.ඒ.නිශ්ශංක)
කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් තොටුපොළ සමාගමටම අයත් කසළ කසළ අංගනයක ඉඩමක අද (16 ) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
එම ගින්නනෙන් ගුවන්තොටුපළ ආශ්‍රිත මුලු ප්‍රදේශයම දුමින් වැසී ගොස් පවතී.
එම ගින්න ව්‍යාප්තවීම මැඩ පවත්වා ලීමට ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ගිනි නිවන යන්ත්‍ර දෙකක් යෙදවීමට කටුනායක පොලීසීය ක්‍රියාකරමින් සිටී.
මෙම ස්ථානයේ පවත්වාගෙන යන කසළ අංගනය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සහ ගුවන් යානාවලින් ඉවත් කරන ලද කසළ අපද්‍රව්‍ය දැවීමේ අංගනය සම්බන්ධ ස්ථානයකි. ගින්නෙන් කසළ අපද්‍රව්‍ය දැවීමේ අංගනයටද හානි සිදුවී ඇති බව පොලීසිය පවසයි.
එම හදිසි ගින්න මැඩපැවැත්වීමට කටුනායක සහ ගුවන් තොටුපළ පොලිස් ස්ථානයේ නිලධාරීන්, අයෝජන කලාපයේ ගිනිනිවන ඒකකයේ නිලධාරීන් කටයුතු කරමින් සිටි.
ගුවන් යානා වලින් ඉවතලන කසළ දහනාගාරය සහ ගින්න පැවති ස්ථානයට යාබදව ඇත්තේ ආයෝජන ප්‍රවර්ධන කලාපයට අයත් දේපළකි.
ගින්න පැතිරීම වැලක්වීමට ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන යන්ත්‍ර දෙකක් හා කටුනායක පොලීසිය මගින් ගෙන්වන ලද ජල බවුසර් යොදවා ගින්න මැඩපැවැත්වීමට මහත් උත්සාහයක් යොදවා කටුනායක පොලිසිය ක්‍රියාකර ඇත.

COMMENTS
මා දකින විදියට මෙය ගිනි ගත් එක හොදයි. මොකද මෙහි ඇත්තේ ගුවන් මගීන් භාවිතා කොට ඉවතලූ අප ද්‍රව්‍ය යි. මෙම කුණු වලට අරක් ගත් ප්‍රදේශයේ සිටින දේශපාලකයින්ගේ හෙන්චයියලා මෙහි ඇති ප්ලාස්ටික් බෝතල්, බැරල්, ඉටිකොළ යනාදිය නැවත විකිණීම සදහා පිටතට රැගෙන යනවා. ජාත්‍යන්තර නීතියට අනුව මේවා පිටතට රැගෙන යාම තහනම් අතර යම් නියමිත ස්ථානයකදී පුළුස්සා දැමිය යුතුයි. නමුත් අපේ අය මේවා පිටතට ගෙන යන්නට ඉඩ දී බලාගෙන සිටිනවා. මම පෞද්ගලිකවම දන්නා පරිදි මේ තිබෙන වාතාවරණය යටතේත් පසුගිය දිනවල (මීට සතියකට පමණ පෙර) මේවා පිටතට රැගෙන ගියා. ඒ තුලින් කොපමණ විෂ බිජ ප්‍රමාණයක් පරිසරයට නිදහස් වෙන්න ඇතිද, කි දෙනෙකුගේ අත්වල තැවරෙන්න ඇත්ද.. මුදල ගැන පමණක්ම සිතා වැඩ කරන අපේ ජාතියට මේවා කවදා වැටහේද..
කව්රුහරි හිතල කරපු දෙයක් වගේ. පසුගිය දවස්වල මේ ස්ථානයේ කෙරෙන කටයුතු ගැන රුප පෙට්ටි සංවාදයක් ගියා. දර්ශනත් එක්කම. ඒ කතාවේ විදියට නම් මෙතනින් භයානක විනාශයකට හේතු විය හැකි දේවල් පිටතට ගෙන යනවා විකුනන්න. එහෙත් ගුවන් තොටේ බලගතු නිලධාරිතුමෙක් ඒ කටයුතු එහෙම වෙන්නේ නැහැ කියල සහතික කරලා ප්‍රකාශ කලා. එතුමා කියපු දේ කොතරම් නිවැරදි වුනත් රටේ වෙන දේවල් වල හැටියට මේ ස්ථානය කුණු විකුණලා ජීවත් වෙන මිනිසුන් විසින් ආක්‍රමණය කරලා තියෙන තැනක් බව පැහැදිලියි.