
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම සිලාවතුර මුහුදු ප්‍රදේශයේ දී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 110 ක් අද (4) අලුයම් කාලයේ දී සිලාවතුර 03 වන කමාන්ඩෝ බළකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
මන්නාරම 54 වන සේනාංකයට අයත් සිලාවතුර 03 වන කමාන්ඩෝ බළකා කඳවුරේ ජලාශ්‍රිත ක්‍රියාන්විත සිදුකිරීමේ කිමිදුම් කණ්ඩායමක් මුහුදු ප්‍රදේශයේ සඟවා තිබිය දී කේරල ගංජා තොගය සොයා ගෙන තිබේ.
මෙසේ සොයා ගත් කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මගින් රැගෙන විත් මෙම ස්ථානයේ සඟවන්නට ඇති බවට කමාන්ඩෝ සෙබළු සැක පළ කරති.
සොයාගත් කේරල ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු කිරීම සඳහා සිලාවතුර පොලීසියට බාර දීමට පියවර ගත් බව ද කමාන්ඩෝ බළකා කඳවුරේ නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd