IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


කංචිකුලම රක්ෂිතයේ බුරුත ජාවාරමක් වටලා දෙදෙනකු අත්අඩංගුවට

( සිතුම් චතුරංග)
           
වවුනියාව කුංචිකුලම රක්ෂිතය තුල දීර්ඝ කාලයක සිට පවත්වා ගෙනගිය මහ පරිමාණ බුරුත දැව ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනකු අද (03)  අලූයම අත්අඩංගුවටගත් බව පුලියංකුලම විශේෂ කාර්ය බලකාය පවසයි.
 

රක්ෂිතයේ වැටලීම සිදුකළ ස්ථානයේ තිබී අඩි හතක් පමණ දිගින් යුත් බුරුත දැව කඳන් 60ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයාගත් අතර එය කුංචිකුලම රක්ෂිතයේ මෙතෙක් අත්අඩංගුවටගත් විශාලතම දැව ජාවාරම බව සඳහන් කළේය.
 
අත්අඩංගුවට ගත් බුරුත දැව කඳන් වල වටිනාකම රුපියල් ලක්ෂ 12 අධික බවද ඔවුහු පැවසූහ.
 
වසර ගණනක් සිට කුංචිකුලම රක්ෂිතයේ සිදුකෙරෙන මහ පරිමාණ දැව ජාවාරමක් සම්බන්ධයෙන් පුලියංකුලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ලද බුද්ධි තොරතුරකට අනුව දින දෙකක කාලයක් රක්ෂිතයේ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් හා දැව කඳන් පටවමින් තිබූ ලොරි රථයක් අත්අඩංගුවටගත් බව පැවසීය.
 
සම්පූර්ණයෙන් ආවරණය කරන ලොරි රථය යාපනය සිට මාළු ප‍්‍රවාහනයකරන මුවාවෙන් වවුනියාව පූන්තෝට්ටම් ප‍්‍රදේශයේ දැව මඩුවක් වෙත ජාවාරම්කරුවන් රැගෙනයාමට සූදානම්ව සිටි බවට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත තොරතුරු අනාවරණයවී තිබේ.
 
දැව ජාවාරම හේතුවෙන් කුංචිකුලම රක්ෂිතයේ විශාල ප‍්‍රදේශයක් විනාශවී ඇති අතර එහි තිබූ වටිනා ඉපැරණි ගස් ජාවාරම්කරුවන් විසින් විනාශකොට තිබේ.
           
විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසූයේ දැව ජාවාරමේ ප‍්‍රධානියා දැව මඩුවේ හිමිකරු බවට සැකකරන බවත් අත්අඩංගුවටගත් සැකකරුවන් කුලීපදනම මත යෙදවූ සේවකයින් බවට අනාවරණයවූ බවත්ය.


වැටලීම සිදුකරන අවස්ථාවේ ලොරි රථයේ රියදුරු පලාගොස් ඇති අතර ඔහු සොයා තවදුරටත් විමර්ශන කෙරෙමින් පවතී.

අත්අඩංගුවටගත් සැකකරුවෝ මඩු ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ත් 45ත් අතර වයසේ පසුවෙති.



අදහස් (0)

කංචිකුලම රක්ෂිතයේ බුරුත ජාවාරමක් වටලා දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site