( නයෝමි දිල්රුක්ෂි )
අධික වැසි සමඟ කෑගල්ල අත්තනගොඩ මාර්ගයේ කරඬුපොන වත්තට අයත් ලිස්සන ගල් කන්දේ විශාල ගල් කොටස් කිහිපයක් මාර්ගයට පෙරැලී තිබීම නිසා ගමනාගමනය අවහිර වී තිබේ.
විශාල ගල් කොටස් කිහිපයක් මාර්ගය පුරා කඩා වැටීම නිසා ඵම ස්ථානයේ සිට අත්තනගොඩ ප්‍රදේශයේ ජනතාවට විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවිය.
ඊයේ (11) සවස මෙම සිදුවීම වූ බව ගැමියෝ කියති.
ප්‍රදේශවාසින් රියදුරන් ඵක්ව ගල් කොටස් කිහිපයක් ඉවත් කිරිම නිසා යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ගමනාගමනයට අවස්ථාව සලසාගත් නමුත් මගී ප්‍රවාහන බස් රථය අනෙකුත් වාහන ගමනාගමනයට නොහැකි වී ඇති අයුරු අද උදෑසනද දැකිය හැකි විය.
මේ පිලිබදව අද(12) උදැසන අපකල විමසීමකදි කෑගල්ල ආපදා කලමනාකරණ සහකාර අධ්‍යක්ෂක අනුෂ්ක චමිල මහතා පවසා සිටියේ කෑගල්ල දිස්ත්‍රික් ලේකමි මහින්ද ඵස් විරසුරිය මහතාගේ උපදෙස් පරිදි කඩිනමින් මෙම ගල් කොටස් ඉවත් කර ගමනාගමනයට ඇතිව තිබෙන බාධා ඉවත් කිරීමට අවශ්‍යය කටයුතු කඩිනමින් සිදුකරන බවයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කෑගල්ල-අත්තනගොඩ මාර්ගයට ගල් පෙරැලී ගමනාගමනයට බාධා