IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඖෂධ ලේබල් සිංහලෙනුත් මුද්‍රණය කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ඖෂධ වගී, ලේබල් සහ එම ඖෂධ භාවිතා කරන පිළිවෙළ ඉංග‍්‍රීසියෙන් පමණක් මුද්‍රණය කර තිබීම හේතුවෙන් රෝගීන් සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් එම ලේබල් සහ ඊට අදාළ ලියකියවිලි සිංහල සහ දෙමළ භාෂාවෙන් මුද්‍රණය කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පර්යේෂකයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පෙත්සම ගොනු කරනු ලැබුවේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂකයකු වන ලයනල් ගුරුගේ නැමැත්තතෙකි. ජාතික ඖෂධ අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

සියළුම ඖෂධ සහ ඊට අදාළ උපකරණ වල ලේබල් සහ වෙනත් ලියකියවිලි සිංහල සහ දෙමළ භාෂාවෙන් මුද්‍රණය කිරීමට නියෝග කිරිමත්, වන්දි ලබාදෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටියි.



අදහස් (0)

ඖෂධ ලේබල් සිංහලෙනුත් මුද්‍රණය කරන්නැයි ඉල්ලා පෙත්සමක්

නිලූ Monday, 21 March 2016 11:48 AM

මෙය ඉතාම හොද අදහසක්. ජයවේවා! (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 21 March 2016 12:03 PM

ලංකාවේ මිනිස්සු ලේබල් කියවලා හරි ඉංග්‍රිසි ඉගෙන ගන්නවානම් කොච්චර එකක්ද, 1950 ගණන්වල අග භාගයේ ඉඳලා ස්ව භාෂාව කබල්ගාලා දැන් ලංකාවේ උසස් නිලධාරීන්ටවත් ඉංග්‍රිසි කතානරන්න බෑ, අප්‍රිකාවේ මහා වනාන්තරවල ඉන්න හරක් බලන මිනිස්සු හොඳට ඉංග්‍රිසි කතා කරනවා. (ම)

:       0       0

සිරිවර්ධන Monday, 21 March 2016 12:12 PM

ඉතා හොඳ දෙයක් . ලංකාවේ බොහෝ තැන වල සමහරුන් එන්ග්රීසි භාවිතා කරන්නේ එය නොදන්නා අයව තලා පෙළ දැමීමට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site