IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘ඕපල්ගල රක්ෂිතයේ වන විනාශයට රාජ්‍ය බැංකුවක් වගකිව යුතුයි’

(ඉන්දික අරුණ කුමාර)

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ - ඕපල්ගල රක්ෂිතයේ සිදුව ඇති වන විනාශයට රාජ්‍ය බැංකුවක් වගකිවයුතු යැයි නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය කියා සිටියාය.

යම් පුද්ගලයකුට භූමියක් ලබාදීමේදී එය නිසි පරිදි නිරවුල් කර ලබාදීම කුමන හෝ ආයතනයක් හෝ පුද්ගලයකුගේ වගකීමක් බව ඇය කියා සිටියාය.

ඕපල්ගල රක්ෂිතයේ වන විනාශයක් සිදුවන බව පවසමින් ඕපල්ගල ප්‍රදේශවාසීන් හා පරිසර සංවිධාන රැසක් නාඋල දී පැවැත්වූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය මෙසේ කීවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය මෙසේද කියා සිටියාය.

‘ඕපල්ගල - ආනමලේ වත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර 96 ක ඉඩමක් රාජ්‍ය බැංකුවක් විසින් පුද්ලයකුට විකුණා තියෙනවා. එම ඉඩමේ සීමා මායිම් වෙන්කර නොදීමෙන් ඉඩම ලබාගත් හිමිකරු අක්කර 96 ක් වෙනුවට අක්කර 300 ක් පමණ භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමන් අදාළ අංශ සියල්ලම දැනුවත් කළා.’

‘ඇත්තටම ඕපල්ගල රක්ෂිතය කියන්නේ ආවේණික සත්ව හා පැළෑටි තියෙන අධි සංවේදී පරිසර පද්ධතියක්. මේ රක්ෂිත සීමාවේ සින්නක්කර ඉඩම් කිහිපයක් තියෙනවා. නමුත් මේ කැලෑවත් වන සම්පතත් ආරක්ෂා කර ගැනීමේ විශාල වගකීමක් අපට තියෙනවා. දැන් ගැටලුව මතුවෙලා තියෙන්නේ රාජ්‍ය බැංකුව සතුව තියන ඉඩමක් පෞද්ගලික අංශයේ කෙනෙකුට ලබාදීලා තියෙනවා. ඔහු ඉඩම තුළ සංවර්ධන කටයුතු ආරම්භ කරන මුවාවෙන් ඉතා විශාල වන සංහාරයක් සිද්ධ කරනවා.’

මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව අපි දැනුවත් කරලා තියෙනවා. ඉතා වටිනා ස්වභාවික ශාක වලට හානි සිදුවෙලා තියෙනවා. ඒ වාගේම වන සංරක්ෂණ මායිම් සීමාවේ අනවසර මායිම් කණු පවා හිටවලා තියෙනවා. මේ තත්ත්වය තුළ වන සම්පතත් ප්‍රජාවගේ ප්‍රශ්නත්, ශාකත් ඒ වගේම අපේ පරිසර පද්ධතියත් ආරක්ෂා කර ගැනීම ප්‍රාදේශීය ලේකම් හැටියට මට තියෙනවා. ඒ නිසා රාජ්‍ය බැංකුවේ සාමාන්‍යාධිකාරි තුමාටම දැනුම් දුන්නා මේ ඉඩමේ පෞද්ගලික අංශයට දුන්නු කොටස හරියට මැනලා අපිට මායිම් නිවැරදිව පෙන්නන්න කියලා.

ඇත්තතටම ඒ අවස්ථාවේදී යහපත් ප්‍රතිචාර දක්වලා මිනින්දෝරු නිලධාරිනියක් ඒ අවස්ථාවේ ඉඩමට එව්වා. ග්‍රාම නිලධාරි මහත්මයාවත් මම එතනට යොමු කළා. නමුත් ඒ නිලධාරිනියට මිනුම් කටයුතු කරගන්න මේ ඉඩම් හිමිකරුවා ඉඩ දීලා නැහැ. ඒ නිසා මේ ඉඩමේ අදටත් නිෂ්චිත වශයෙන් මායිම් අදුනගෙන නැහැ.

මේ ඉඩම් හිමිකරුවා මැත දිනයක ඉඩමට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරනවා කියලා දැනගන්න ලැබුණා. ඒ අවස්ථාවේදී බැංකුවෙන් ඉල්ලීමක් කලා මේක නවත්වන්න කියලා.

රාජ්‍ය බැංකුවක් විදිහට මෙච්චර පරිසර හානියක් කරන කෙනෙකුට මේ ඉඩම ලබානොදීමට හැකියාවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් වෙන ලෙසත් ඉල්ලා සිටින්න කැමතියි.‘ යැයි ද ඇය කියා සිටියාය.



අදහස් (0)

‘ඕපල්ගල රක්ෂිතයේ වන විනාශයට රාජ්‍ය බැංකුවක් වගකිව යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site