(ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාතේ පළාත් පාලන ආයතන මගින් රුපියල් ලක්ෂ 57 ක වියදමින් අඩු ආදායම්ලාභි පවුල් 4350 කට වියළි ආහාර ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට කටයුතු කළබව පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතා පැවසීය.
කොරෝනා වසංගතයට මැදිව සිටින ජනතාවට සහන සැලසීම සඳහා බදුල්ල මහ නගර සභාව මගින් ලක්ෂ 18 ක් වැයකර පවුල් 1200 කටද , බදුල්ල ප්‍රාදේශීය සභාව ලක්ෂ 12 ක් වැයකර පවුල් 1200 කටද, බණ්ඩාරවෙළ නගර සභාව ලක්ෂ 20 ක් වැයකර පවුල් 1000 කටද, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව ලක්ෂ 5 ක් වැයකර පවුල් 450 කටද , හපුතලේ නගර සභාව 50,000 ක් වැයකර පවුල් 100 කටද , ඌව පරණගම ප්‍රාදේශීය සභාව 50,000 ක් වැයකර පවුල් 100 කටද, තණමල්විල ප්‍රාදේශීය සභාව ලක්ෂයක් වැයකර පවුල් 200 කටද බැගින් වියළි ආහාර දව්‍ය ලබාදී තිබේ.
මෙම පළාත් පාලන ආයතන වල මහ සභාවක් පවත්වා සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් සභා අරමුදල් වලින් මෙම මුදල් යෙදවීමට ආණ්ඩුකාරවරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඌව පළාතේ පවුල් 4350 කට වියළි ආහාර නොමිලේ