‘ගොඩනැගිලි ඉදිකරනවාට වඩා වැදගත් වන්නේ අනාගතය වෙනුවෙන් මිනිසුන් ශක්තිමත්ව ගොඩ නැඟිම යැයි නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විසි එක් වැනි සංවත්සරය උළෙල අමතමින් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
‘අද බොහෝ දෙනා අපේ රටේ අධ්‍යාපනය ලබා වැඩි දුර අධ්‍යාපනය සඳහා විදේශ රටවලට යනවා. ඔබ යන්න. හැබැයි අපට ඔබේ සේවය බොහෝ වටිනවා.ඒ නිසා නැවත ලංකාවට ඇවිත් ඒ දැනුම අනාගත පරපුර වෙනුවෙන් බෙදා ගන්න.ඉපදුණු රටට සේවයක් කරන්න.
වර්තමානයේ තරගකාරී අධ්‍යාපනය හමුවේ ඉංග්‍රිසි අධ්‍යාපනයට වැදගත් තැනක් ලැබෙනවා . ජාත්‍යන්තරය සමඟ ගනු දෙනු කරන අපිට ඉංග්‍රිසි භාෂාව අත්‍යවශ්‍යයයි.අධ්‍යාපන අමාත්‍යංශයත් මේ වෙනුවෙන්ම විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා දරුවන් වගේම එහිදී ගුරුවරුන්ගේ දැනුම තව තවත් වර්ධනය කිරීමට ඔවුන් පුහුණු කරනවා. ’
පාසලේ විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවු ගුරුවරුන් හා කාර්යාල සේවකයනට සම්මාන පිරීනැමීය. විදුහල්පතිනි වෙනුරි හෙට්ටිආරච්චි , සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු ,නියෝජ්‍ය විදුහල්පති බන්දුල ගලප්පත්ති, යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප රුෂිරු තරංග
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උපන් රටට සේවය කරන්නැයි උප ඇමැති ග්‍රේරු කියයි
රුවන් Wednesday, 11 June 2014 10:04 PM
අවවාදයට වඩා ආදර්ශයයි උතුම් වෙන්නේ (දී)
ජානකී Thursday, 12 June 2014 01:51 PM
ලයිසියම් කවදත් යහපත් දේ රටට දායාද කළා(දිල්)