
(දයාරත්න ඇඹෝගම)
උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ නියමයෙන් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ නියෝජත ආයතනයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය අද (07) දින විසුරුවා හරින ලද බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී. රත්නායක මහතා පැවසිය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයන් හා උපදෙස් අනුව කටයුතු නොකිරිම මෙම අධ්‍යක්ක මණ්ඩලය විසුරුවා හැරිමට හේතුවු බවත්, මෙම ආයතනය සදහා කඩිනමින් නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කිරමට කටයුතු කරන බවත් ලේකම්වරයා මෙහිදී පැවසිය.
මේ සම්බන්ධයෙන් අප උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ නියෝජත ආයතනයේ හිටපු සභාපති ගාමිනී දිසානායක මහතා ගෙන් කළ විමසුමේදී ඒ මහතා මෙසේ පැවසිය.
“අවසරයකින් තොරව කටයුතු කිරිම සහ ආයතනයට සේවකයන් අට දෙනෙකු බදවා ගැනිම නිසා අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කළ බව තමයි ආණ්ඩුකාරතුමාගේ ලිපියේ සදහන් කර තිබෙන්නේ.”
“අපි සැම අවස්ථාවකම අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දු තිරණ ආණ්ඩුකාරතුමාට දන්වා සිටියා. ඒ වගේම ආයතනයේ අත්‍යවශ්‍ය තිබු පුරප්පාඩු සදහා සුදුසුකම් සහිත සේවකයන් කිහිප දෙනෙකු බදවා ගත්තා. අපේ සේවා කාලය තුළ ආයතනය ලාභ ලබන මට්ටමට රැගෙන ආවා. අපි ඉවත් කිරිමේ කිසිම සාධාරණ පදනමක් නැහැ.”
මහ මැතිවරණයෙන් පරාජයට පත්වු දේශපාලඥයන් කිහිප දෙනෙකුට තනතුරු දීමට තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ ආකාරයට ඉවත් කළ බවද හිටපු සභාපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසිය.
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු මැද පළාත් යන්ත්‍රෝපකරණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවතට