( නිමල් ජයරත්න)
මාදුරුඔය ඉසඩ්.ඩී ප්‍රධාන ඇලේ අලුත්වැව ප්‍රදේශයෙන් අද( 11) වැටුණු පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
ඔහු සොයා මේ වන විට පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බවත් විශේෂ පිහිණුම් කණ්ඩායමක් ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.පී.ඩබ්ලිව් ප්‍රේමලාල් මහතා පැවසීය.
මෙලෙෂ ඉසඞ්.ඩී ප්‍රධාන ඇලට වැටි අතුරුදන්ව ඇත්තේ මඩකලපුව වාලච්චේන තන්නමුණේ කොළණියේ පදිංචි 38 වියැති පෙරියතම්බී නන්ද කුමාර් යන අයෙකු බව ඒ පිලිබද පරික්ෂණ සිදු කරන අරලගංවිල පොලිසිය කියයි.
ඔහු සමග තවත් මිතුරෙකු අරලගංවිල උල්පත්වැව ප්‍රදේශයේ ගොවි මහතුන්ගේ කුඹුරු වැඩට පැමිණ ඇති අතර අතුරුදහන් වු අය අවශ්‍ය කටයුත්තක් සදහා ඉසඞ්.ඩී ප්‍රධාන ඇලට බැසිමට යාමේදි මෙම අනතුර සිදු වි ඇතිබව පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වී ඇත.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඕෂාන් හේවාවිතාරන මහතාගේ මෙහෙයවිමෙන් අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.පී.ඩබ්ලිව් ප්‍රේමලාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිලිබද වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2374
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉසඩ් ඩී ඇළට වැටුණු පුද්ගලයෙක් අතුරුදන්