(ටී.කේ.ජී.කපිල )
ඉරාන ජාතික ගුවන් මගීන් 86 දෙනෙකු රැගෙන ඉරාන ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ටෙහෙරාන් නුවර සිට අද (15) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම පිරිස උමා ඔය ජල යෝජනා ක්‍රමයේ සේවය කරන ඉරාන ජාතිකයන් පිරිසක් බව කටුනායක ගුවන් තොටුපළ කාර් ය භාර නිලධාරීවරයා සඳහන් කළේය.
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කළ බවත් එම පරීක්ෂණ සිදු කිරීම සඳහා කොළඹ ආසිරි රෝහලේ කාර් ය මණ්ඩලයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවත් ගුවන් තොටුපළ කාර් ය භාර නිලධාරීවරයා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උමා ඔය නිසා අපේ ගමේ වතුර නැතිවුනා. මේ සැරේ එන්න එපා ඡන්දෙ ඉල්ලාගෙන...
මේ අවස්ථාවේදී බොහොම පරිස්සම් වියයුතුයි.