IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ඉමදූවෙන් සොරුන් තිදෙනෙකු අත්අඩංගුවට

(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

ඉමදුව වවුළුගල පිහිටි ගුරුවරියකට අයත් නිවසක නිවැසියන් සිය නිවසින් බැහැරට ගොස් සිටි අවස්ථාවේදී අදාල නිවසේ පසුපස දොරින් ඇතුළුවී එහි තිබූ ලැප්ටොප් පරිඝනකයක්, මුදලින් රුපියල් 21,000/= ක්, රන් ආලේපිත දම්වැලක් සහ වලල්ලක් සොරකම් කරණ ලද කල්ලියක සාමාජිකයින් තිදෙනෙක් සහ සොරකම් කරන ලද භාණ්ඩද සමගින්  අද (07) දින අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.

පොලීසිය පවසන්නේ සොරකම් කරණ ලද ලැප්ටොප් පරිගණකය විකිණීම සඳහා එක් සැකකරුවෙක් ගොස් සිටියදී පොලිසිය ලද තොරතුරක් මත අදාල සැකකරු සමග පරිගණකය අත්අඩංගුවට ගත් බවයි. පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත සෙසු සැකකරුවන් දෙදෙනා සහ සොරකම් කරණ ලද සෙසු භාණ්ඩද  වවුළුගලදී සහ 10 කනුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 22 – 26 යන වයස් කාන්ඩවල පසුවන සැකකරුවන් සහ පොලීසිය සොයාගත්  සොරකම් කරණ ලද භාණ්ඩ හෙට (08) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉමදූව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
 



අදහස් (0)

ඉමදූවෙන් සොරුන් තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31818 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1164 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 329 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site