
(ජේ.කේ.එල් චාමින්ද)
ඉදුරුව තුන්දුව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවු පුද්ගලයින් පිරිසකට ඇතුළු 10 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.
තුන්දුව ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ 45ක් සිදුකර ඇති අතර ඉන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි.
තුන්දුව ප්‍රදේශයේ පැවති මෙකී මංගල උත්සවය සදහා බෙරුවල හා අලුත්ගම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ද මංගල උත්සවය පැවති නිවසට පැමිණ ඇත.මංගල උත්සවය පැවති අසල්වැසි නිවාස 03ක හා ඒ අවට පිරිමි 05 දෙනෙකුට හා කාන්තාවන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. ඒ අතර අවුරුදු 14ක පිරිමි දරුවෙක් ද වෙයි. පිරිමි පුද්ගලයින් හම්බන්තොට රෝහලට හා කාන්තාවන් 05 දෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා හික්කඩුව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.
මීට දින කිහිපයකට පෙර තුන්දුව මුස්ලිම් විද්‍යාලයේ 12 හැවිරිදි දැරියකට ඇතුළු 03 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉදුරුවේ මංගල උත්සවයකට ගිය 10කට කොරෝනා