IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘතකිරීම අගමැති ප්‍රධානත්වයෙන්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
රුපියල් මිලියන 1600 ක වියදමින්  කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අලුතින් ඉදිකරනු ලැබූ තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) විවෘත කළේය.
 
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ කි‍්‍රයාත්මක කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය සදහා මෙම නව ගොඩනැගිල්ල ඉදිකරනු ලැබූයේ ඔස්ටි‍්‍රයා ජනරජයේ සහන ණය ආධාර යටතේ ය.
 
ශී‍්‍ර ලංකාවේ ඔස්ටි‍්‍රයානු තානාපති කාර්යාලයේ වානිජ කටයුතු පිළිබද උපදේශක ආචාර්ය රොබට් ලූක් මහතා ද විවෘත කිරීමේ අවසථාවට එක්ව සිටියේය. නව විද්‍යාගාර පහසුකම් ලැබීමත් සමග මෙතෙක් ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව පිරිනමනු ලැබූ කටුනායක ඉජිංනේරු තාක්ෂණ ආයතනයේ  2020 වසරේ සිට ඇතුළත් වන සියලූම සිසුන්ට ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා ගැනීමේ අවස්ථාව හිමිවීම විශේෂත්වයකි. මෙම උපාධිය සිඩ්නි සම්මුතියට අනුව අන්තර්ජාතිකව පිළිගැනෙන උපාධි පාඨමාලාවකි.
 
එහි විද්‍යාගාර නිරීක්ෂණය කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා  අනතුරුව එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතමින්  දියුණු වන ලෝකයට තාක්ෂණය අවශ්‍ය වන බව පෙන්වා දෙමින් මෙම මධ්‍යස්ථානයේ පහුසුකම් භක්ති විද රටට වැඩදායි පුරවරසියන් ලෙස තම ජීවිතය සාර්ථක කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
 
ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක, ගුවන් සේවා ඇමති ප‍්‍රසන්න රණතුංග,  මහතා ඇතුලූ මැති ඇමතිවරු ද  නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘතකිරීම අගමැති ප්‍රධානත්වයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 840 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2482 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site