IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ඇඳිරිනීතියේදී හොරොයින් ජාවාරමේ නිරත වු අයෙක් අත්ඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් පිටකෝට්ටේ මාදිවෙල පාර ක්‍රීඩාංගණයක් අසල සැකකටයුතු  ලෙස රැඳී සිටී පුද්ගලයෙකු  රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු  සහ මුදල් සමග අද (19 ) අත්අඩංගුවට ගත්  බව බස්නාහිර  දකුණු අපරාධ කොට්ඨාෂය කියයි
 
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 11කට අධික ප්‍රමාණයක්  සහ මුදලින් රුපියල් 45000 ක්  පොලිස් බාරයට ගෙන ඇත .
 
ඇදිරි නීතිය ට මුවා  වී නිතී විරෝධී  කටයුතු වල යෙදෙන  පුද්ගලයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්  අත්අඩංගුවට ගන්නා  ලෙස ජ්‍යෙෂ්ඨ නියෝ ජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දිවයිනේ පොලිස් ස්ථාන වලට  ලබාදුන් උපදෙස් අනුව බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව එහි අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ  මඟ පෙන්වීම මත සැකකරු අත්අඩංගුවට ලැබුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් .ඒ.එල්. සුමිත් මුණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි .
 
මත්ද්‍රව්‍ය චෝදනා රැසක් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරයේ සිර දඬුවම් විදින  පුද්ගලයෙකු අයත් මත්කුඩු  ඔහු ලබා දුන් උපදෙස් මත බොරැල්ලේ සිට කෝට්ටේ ප්‍රදේශයට රැගෙන ආ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
 
සැකකරු අත්අඩංගුවට  ගන්නා විට  ඔහු සන්තකයේ තිබූ මුදල්  කිසියම් පුද්ගලයකුට මත් කුඩු විකුණා ලබාගත් මුදල් බවට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
 
 34 වන වියේ පසුවන සැකකරු කොළඹ නවය කැටවලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම පුද්ගලයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (0)

ඇඳිරිනීතියේදී හොරොයින් ජාවාරමේ නිරත වු අයෙක් අත්ඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site