(සිරංගිකා ලොකුකරවිට)
ඇඳිරිනීතිය පැවතිය ද දකුණු පළාතේ වැව්වලට මාළු පැටවුන් හෙවත් ඇඟිල්ලන් මුදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව දකුණු පළාත් ධීවර අමාත්‍යාංශය පවසයි.
දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම් විදුර කාරියවසම් මහතා පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරිනීතිය පනවා තිබුණ ද මෙම ව්‍යාපෘතිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සළකා ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි. වැව් සඳහා මුදාහැරීමට සකසා ඇති ඇඟිල්ලන් නිසි පරිදි මුදාහැරීමට නොහැකි වුවහොත් වැව් ධීවර කර්මාන්තය ඉදිරි මාස කිහිපයේ දී බිඳ වැටෙන බැවින් මෙලෙස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
මේ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 13කට සහ මාතර දිස්ත්‍රික්කයේ වැව් දෙකකට පසුගිය දින කිහිපයක දී ඇඟිල්ලන් 830,000ක් පමන මුදාහැර ඇත.
ධීවර අමාත්‍යාංශයේ ලේකම් විදුර කාරියවසම් මහතා පවසන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 82.5ක් හා මාතර දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 20ක වියදමින් මාළු පැටවුන් හෙවත් ඇඟිල්ලන් වැව්වලට මුදාහැරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ එම ව්‍යාපෘතිය අප්‍රේල් මස 15 දිනට පසු ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය.
මෙලෙස මුදා හැර ඇත්තේ තිලාපියා, රෝහු සහ කැට්ලා යන මත්ස්‍යයන් ගේ කුඩා පැටවුන්ය.
ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සමග එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ 2020 වර්ෂයේ පළමු කාර්තුවේ කොටස මෙලෙස ක්‍රියාත්මක කර ඇත.
ධීවර අමාත්‍යාංශය පවසන්නේ මුදාහරින ලද පැටවුන්ගේ අස්වැන්න මාස හයක දී ලබාගත හැකිවන බවයි.
මෙම ව්‍යාපෘතිය ධීවර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රසංග සූරියආරච්චි, සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) චතුරිකා ප්‍රසාදිනී යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවිමෙන් මාතර ජලජීවී නිලධාරී කේ.ඩී. සංජීව මහතා, සහ හම්බන්තොට දිස්ත්‍රික් වගා නිලධාරී ගයාන් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි.




2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳිරිනීතිය පැවතිය ද වැව්වලට ඇඟිල්ලන් මුදා හැරීමේ කටයුතු දිගටම