(එම් .සුසිල් ප්‍රියන්ත)
ඇඳිරි නීතිය පැවතියදී අම්බලන්ගොඩ මාදම්පේ නිවසක බූරුවා ගැසූ 12 දෙනෙක් අද (10) අත්අඩංගුවට ගත්බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත්පිරිස කාලයක සිට ඉතා සූක්ෂමව මෙම කටයුත්ත සිදුකරගෙන ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.
සැකකරුවන් සියලුදෙනාම සූදුපොල පවත්වාගෙනගිය නිවස අවට පදිංචිකරුවන් බවත් ඔවුන් සියලුදෙනාම අද (10 ) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කළේය.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd