(මොහොමඩ් ආසික්)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබූ අවස්ථාවක සතුන් ඇල්ලීම සඳහා හක්කපටස් උගුල් ඇටවූ බව කියන පිය පුතු දෙදෙනෙකු කටුගස්තොට පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව කටුගස්තොට යහලතැන්න ප්‍රදේශයේ වත්තක සතුන් සඳහා අටවා තිබූ හක්කපටස් තුනක් සොයා ගෙන පොලීසිය මගින් නිශ්ක්‍රිය කරනු ලැබ තිබේ.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද 12 වනදා මහනුවර මහේස්ත්‍රාත් තුමා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපරාදේ ඔබලාගේ වටිනා කාලය මිඩංගු කරමින් උසාවි ගානේ තපින්නේ මොකද ? මෙම මස්වැද්දන්ට ස්ථිරවම තුට්ටු දෙකක ඇප ලබාදී නිදහස් කරනවා. එනිසා මේ අය වෙනුවෙන් කැළෑ නිතිය ක්‍රියාත්මක කරනවාට සමාජයට යහපතක් වෙනවාට කැමති සියලුම පුරවැසියන් කැමතිවෙනවා. එයට අකමැති වෙන එක කොටසක් " කළු ඇදගත් සරන් කාරයන්ය ". මොකද ඒ හිගන්නන්ට ගල් පැලෙන ගොන් තර්ක විතර්ක නිතිය ඉදිරියේ කියා ගානක් සොයාගෙන ජීවත්වීමට ගතමනාව නැතිවී යන නිසාය.