(එච්. චන්දන)
ඇඳිරි නීති කාලය තුල නිදන් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත්බව කල්පිටිය පොලිසය කියයි.
නාවික හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් මත කල්පිටිය පොලිසියේ නිලධාරීන් සිදු කල වැටලීමේදී ඒත්තාල එරඹුගොඩැල්ල ප්‍රදේශයේ නිදන් හාරමින් සිටියදී මෙම පිරිස අත් අඩංගුවට ගෙත තිබේ.
මොවුන් පැමිණි බව කියන ලොරි රථයක් තවත් ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී දින අවලංගු වූ පොලිසියෙන් නිකුත් කරන අත්‍යවශ්‍ය සේවා ඇදිරි නීති බලපත්‍රයක්ද පොලීසිය සොයගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුවත් ආපසු යවන්න එපා. ජීවිතාන්තය දක්වා හිරේ දාන්න වටිනවා. ලංකාවේ ඉතිහාසය හොයන වෙලාවක ඒක විනාශ කරන කාලකන්නි ඔක්කොටම කරන්න ඕන මේක තමයි.