IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අසම්මත ප්‍රේමයක හිරවුණු එක මවකගෙ දරුවෝ

පෙම්වතුන් ලෙස හමුවී දරුවන් ලැබූ බ්‍රසීලයේ යුවලක් තමන් එකම මවකගේ දරුවන් බව දැන මහත් අසීරුතාවකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය එඩ්රියානා ය. ඇයට වයස අවුරුද්දක් වෙද්දී මව ඇය අතහැරදමා ගොසිනි. දැන් ඇය 39 වැනි වියේ පසුවෙයි. ඇගේ පෙම්වතා ලියන්ඩ්‍රෝ 37 හැවිරිදිය. ඔහු මව යැයි කියන්නේ කුඩම්මාට බව දැන ගත්තේ අට හැවිරිදි වියේ දී ය. මව සොයාගත නොහැකි වූ ඔහු විවාහ වී දරුවන් තිදෙනකුගේ පියකු වූවේය. ඒ විවාහය බිඳ වැටීමෙන් පසු ඔහුට එඩ්රියානා හමුවිය. පෙම්වතුන් වූ මේ යුවල එකට ජීවත්වීමට පටන්ගෙන දැන් වසර හතකි. ඔවුන් දෙදෙනාට හය හැවිරිදි දියණියක ද සිටියි. 

මේ යුවලට ම තමන් අතහැර ගිය මව සෙවීමේ අවශ්‍යතාවක් තිබිණි. දෙදෙනාගේ ම මවගේ නම මාරියා නම් වූවාය. මාරියා යන නම බ්‍රසීලයේ ඉතා සුලබ නමකි. එරට ගුවන්විදුලි නාලිකාවක විකාශය වන නැතිවූ අය සොයා දෙන වැඩසටහනකට සහභාගීවූ එඩ්රියානා තම මව ගැන එ් වැඩසටහනට විස්තර කීවාය. නොබෝ දිනකින් මව ගැන තොරතුරු ලැබිණි. මහත් සතුටින් මව හමුවී කතා බහ කරද්දී දැනගත්තේ ලියන්ඩ්‍රෝ සොයන මව ද එඩ්රියානාගේ මව බවයි.

දැන් එකට ජිවත්වෙමින් දරුවකු බිහිකර ඇත්තේ එකම මවගේ කුසින් එළිය දුටු අක්කාත් මල්ලීත් වීම විදෙස් මාධ්‍යයට පුවතක් වී ඇත.

එඩ්රියානා ඒ ගැන මෙසේ කියයි.

‘‘ මම ලියන්ඩ්‍රෝට බොහෝ සෙයින් ආදරය කරනවා. අප දෙදෙනා වෙන්කළ හැකිවන්නේ මරණයෙන් පමණයි. මේ සියලු දේ සිදුවුණේ දෙවියන්ගේ කැමැත්ත අනුව. කලින් දැන සිටියානම් මෙවැනි දෙයක් සිදු වන්නේ නැහැ. අපි දෙදෙනාගේ ම අම්මා එකම නමකින් යුතු වීම සිනහ උපදවන්නක් වුවත් එය ඉතා සුලබ නමක් නිසා අපි එය එතරම් ගණන් ගත්තේ නැහැ. “

මොවුන් දෙදෙනා ම පවසන්නේ එකම මවකගේ දරුවන් බව නොදැන පෙම්වතුන් වූ තමන්ට නොදන්නා දෙයක් හෙළිදරව් වූවායැයි බාධාවක් ඇතිනොවන බවයි.



අදහස් (0)

අසම්මත ප්‍රේමයක හිරවුණු එක මවකගෙ දරුවෝ

දිනේෂා Wednesday, 20 August 2014 05:32 AM

අපේ රටේ වලව් පැලැන්තියේ අයටනං මේ ප්‍රවෘත්තිය සාමාන්‍ය යි (නදී)

:       0       0

පුණ්‍යසෝම Tuesday, 12 August 2014 04:45 AM

ඒ වුණාට මට නම් හිතට නිකන් මොකක්දෝ වගේ (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 07 August 2014 01:38 PM

බ්‍රසීලයේ සිද්ධිය නොදැන වෙච්ච දෙයක්. පැරණි අපේ කළු සුදු චිත්‍රපටි කතාවක් වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site