IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවිවාහක කතකගේ නරක් වූ සිරුර නිවසකින් හමුවෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

හුදෙකලාව දිවි ගෙවූ වයස අවුරුදු 60 ඉක්ම වූ  අවිවාහක කාන්තාවකගේ නරක් වූ මළ සිරුර අද ( 23)  කටුවකැලේ නිවසක තිබී  සොයා ගත් බව මිරිගම පොලිසිය කියයි .

මෙසේ මිය ගොස් ඇත්තේ අඹේපුස්ස කටුවකැලේ පදිංචිව සිටි වර්ණකුලසූරිය මුදියන්සේලාගේ පද්මා ශාන්ති නැමැති කාන්තාවකගේ බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි .

මෙම කාන්තාව දින ගණනාවකට පෙර මරණයට පත්වී ඇති බවට පොලිසිය සැක පහළ කරන අතර මේ වෙන විට සිරුර බෙහෙවින්ම නරක් වී දුර්ගන්ධය පැතිරෙමින් පවතින බවද පොලිසිය සඳහන් කරයි .

දුර්ගන්ධයක් පැතිරයාම පැතිර යාම සම්බන්ධයෙන් සිදු කෙරුණු සොයා බැලීමකින් පසු මෙම මළ සිරුර සොයා ගැනීමට හැකිවී ඇත.

මෙම මරණය සිදුව ඇති ස්වභාවික හේතුන් මතද නැතහොත් කිසියම් අපරාධකාරී ක්‍රියාවක්  දැයි අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය ඊයේ 29 සවස කටයුතු යොදා තිබිණි .

 

 



අදහස් (0)

අවිවාහක කතකගේ නරක් වූ සිරුර නිවසකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site