(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය,කොටවෙහෙර ,දොඩංගොල්ලේගම ප්‍රදේශයේ දී ,වල් අලියෙකු පහර දීමෙන් ,55 වියැති පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව කොටවෙහෙරට පොලීසිය අද( 21) පැවසීය.
වල් අලි පහර දීමෙන් මෙලෙස මරණයට පත්ව ඇත්තේ ,දොඩංගොල්ලේගම ප්‍රදේශයේ පදිංචි ජේ.එච්.එම් ජයතිලක (55) නැමති තිදරු පියෙකි .
පෙරදින රාත්‍රි 7.00 ට පමණ දොඩංගොල්ලේගම වැව අසලදී වල් අලි පහරදීම සිදුව ඇති අතර ගෙවියා එම ස්ථානයේම මරණයට පත්ව ඇති බවද පොලීසිය පවසයි .
මිය ගිය අයගේ සිරුර පිලිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය අද (21 ) දින නිකවැරටිය රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd