(නිමල් ජයරත්න)
වසර ගණනාවක සිට කුඹුරු ඉඩම් තේරිම් හිමි තමන්ට ඉඩම් ලබා නොදීමට එරෙහිව අරලගංවිල ගොවීහු පිරිසක් විජයබාපුර මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිටදී අද (18) විරෝධතාවයක නිරතවූහ.
හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නම භාවිතා කරමින් මෛත‍්‍රී නමින් ගොවි සංවිධානයක් පිහිටුවා ගත් ප‍්‍රදේශයේ දේශපාලන ආධාරකරුවෙකු 503 කලාපයේ කුඹුරු ඉඩම් බලෙන් අල්ලා වගා කරන බවත් ඇතැම් කුඹුරු අක්කර ගණනාවක් එම දේශපාලන ආධාරකරුවන් විසින් පිටස්තරයින්ට විකිණීම හේතුවෙන් තමන්ට වාරි ඉඩමක් ලබා ගැනිමේ අයිතිය අහිමි වී ඇතැයි ද විරෝධතාවයේ නියැලෙන ගොවීහු පෙන්වාදෙති.
අරලගංවිල මැදගම ප‍්‍රදේශයේ ගොවි සංවිධාන සභාපතිවරයකු වන චාමර ඉදුනිල් යන අය මෛත‍්‍රී නමින් ගොවි සංවිධානයක් පිහිටුවා ව්‍යාජ නම් ඇතුළත් කර කුඹුරු කරමින් පොහොර සහනාධාර පවා ඒවාට ලබාගෙන තිබෙන බවද ඔවුහු පවසති.
1989 වර්ෂයේ සිට 2014 වර්ෂය අතර කාලයේ තමන්ට වාරි ඉඩම් තේරිම් තිබුනද හිටපු මහවැලි නිලධාරින් මෛත‍්‍රි ගොවි සංවිධානයේ සභාපතිවරයාට සහය දක්වමින් තමන්ට එම කුඹුරු ඉඩම් ලබා නොදෙන බවද විරෝධතාකරුවෝ චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් මෛත‍්‍රී ගොවි සංවිධානයේ සභාපති චාමර ඉදුනිල් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසුමකදී පැවසුවේ විරෝධතාකරුවන් වාරි ඉඩම් ලබාගෙන විකුණා ඇති බවත් තම ගොවි සංවිධානය ලියාපදිංචි ගොවි සංවිධානයක් බවත් ඒ අනුව සංවිධානයේ ගොවින් 503 කලාපයේ කුඹුරු වගා කරමින් සහ පොහොර සහනාධාරය ලබා ගැනීමට හිමිකම් තිබෙන බවත් විරෝධතාකරුවන් නඟන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බවයි.

2025 නොවැම්බර් මස 17
1
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
852
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අරලගංවිල ගොවීහු විරෝධතාවයක